22 උදේ 10ට දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවයක්

නුවන් හෙට්ටිආරච්චි

පොලී අනුපාතය අඩු කරන ලෙස ඉල්ලා ජුනි 22 බ්‍රහස්පතින්දා උදේ 10ට කොටුව දුම්රියපළ ඉදිරිපිට ගුරු-විදුහල්පතිවරු විරෝධතාවයක් සිදු කරනවා.

වාණිජ බැංකුවලින් ලබා ගන්නා ලද ණය මුදල් සඳහා අය කරනු ලබන ගිනි පොලිය අඩු කරන ලෙස බලපෑම් කිරීම මෙහි අරමුණ බවයි ලංකා ගුරු සංගමය සදහන් කරන්නේ.

විරෝධතාවය සදහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධව සම්බන්ධ ‌වෙනවා.

ඒ් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැැනුම් දී තිබෙනවා.

ඊට ගුරුවරු සහ විදුහල්පතිවරු 22 වෙනිදා නිවාඩු වාර්තා කර අදාළ විරෝධතා ව්‍යාපාරය පැමිණෙන බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා lankaline වෙත කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles