අමු තේ දලු මිල පහළට!

අමු තේ දලු කිලෝ එකක මිල මාසයක් පමණ කාලයක් ඇතුළත රුපියල් 50කින් පමණ අඩු වී ඇති බව කුඩා තේ වතු හිමියන් සඳහන් කරනවා. රුපියල් 200 පමණ ගණනක සිට 150ක පමණ දක්වා මෙසේ අඩු වී ඇතැයි පැවසෙනවා. කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුද තත්වය හේතුවෙන් දලු නෙළන කම්කරුවන්ට ගෙවන මුදල ඉහළ දමන්නට සිදු වීමත්, දරාගත නොහැකි මට්ටමේ පොහොර මිලේ වැඩිවීමත් නිසා තමන් බලවත් අපහසුතාවට පත්ව ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ වන විට අමු තේ දලු කිලෝවක් නෙළීම සඳහා රුපියල් 40ක පමණ මුදලකුත්, දෛනික තේ වගාවේ කටයුතු සඳහා කම්කරුවෙකුට රුපියල් 1600-2000 අතර වැටුපකුත් ගෙවන බව ඔවුන් පවසා සිටිනවා.

මේ සම්බන්ධයෙන් Lankaline තේ කර්මාන්තයේ ව්‍යවසායකයෙක් වන රුමේෂ් හත්තොටුවගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කරන්නේ මේ මිල අඩු වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපා ඇති බවයි. පළමුවැන්න ඩොලරයේ අගය පහළ වැටීම බව ඔහු පෙන්වා දෙනවා. දෙවැන්න මේ මාස දෙකේ අමු තේ දලු අස්වැන්නේ වැඩිවීම බව ඔහු දක්වනවා. සාමාන්‍යයෙන් වසරේ මෙම මාස දෙකේ දලු අස්වැන්න වැඩි බවත් මේ වර එය වසරේ අනෙක් මාසවලට සාපේක්ෂව කිලෝ මිලියනයකට ආසන්න වැඩිවීමක් බවත් ඔහු වැඩිදුරටත් දක්වා සිටිනවා. වසර 10ක පමණ දත්ත පරීක්ෂා කළත් සියලු වසරවල මේ වැඩිවීම දක්නට ලැබෙන බවයි ඔහු කියා සිටියේ. ඉදිරි මාස දෙකෙන් පසු මිල යථා තත්වයට පත්වන බවට ඔහු විශ්වාසය පළ කර සිටියා. කෙසේ වෙතත් එම මිල ඩොලරයේ අගයේ වෙනස්කමට සාපේක්ෂ බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles