පැය 24 ක් තුළ වෙඩි තැබීම් 3ක්!

ගත වූ පැය 24ක කාලය තුළ වෙඩි තැබීම් 3ක් සිදුව තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඊයේ රාත්‍රියේ හෝමාගම නියඳගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 46 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත් වුණා. කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 52 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසල සිදු වූ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකුට තුවාළ සිදුව තිබෙනවා.

රට පුරා බොහෝ ස්ථානවල පසුගිය දිනවල මෙවැනි වෙඩි තැබීම් ගණනාවක් වාර්තා වුණා. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ විශ්‍රාම යෑමට ද තව ඇත්තේ දින කිහිපයක් පමණක් බවයි වාර්තා වන්නේ. නව පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බව ද දැනගන්නට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles