මහින්ද කහඳගම රිමාන්ඩ්: හේතුව මොකක්ද ?

පිටකොටුව වෙළඳ සංගමයේ සභාපති, හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ඊයේ (20) අත්අඩංගුවට ගෙන දවස් දෙකකට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහු මේ වෙද්දි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයෙක්.

මෙලෙස ඔහු අත්අඩංගුවට ගැනුණේ ‍ඇයි?

මහින්ද කහඳගමගේට චෝදනාව නගා තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ මහල් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබා දෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට. කොළඹ 02 කොම්පඤ්ඤවීදියෙ මේට්ට්‍රෝ නමින් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර විවෘත කෙරුණේ 2019 දී. ඒ කොම්පඤ්ඤවීදිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ඉන්දීය ටාටා සමාගම සහයෝගිතාවයෙන්. මෙහි නිවාස ඒකක 700ක් පමණ සහ කඩකාමර 114ක් පමණ පවරා තිබෙනවා. මෙහි නිවසක් ලබා දෙන බව පවසා කහඳගම විසින් මහනුවර පදිංචි ජයන්ත මුණවීර නම් අයෙකුගෙන් අවස්ථා දෙකකදී චෙක්පත් සහ මුදල් මගින් මෙම මුදල් ලබා ගෙන ඇති බව පැමිණිල්ලේ දැක්වෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වන්නේ කොළඹ වංචා විමර්ශන ඒකකයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles