මුදල් වංචා චෝදනාවකට රන්ජන්ට වරෙන්තු!

මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්, රංගන ශිල්පී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි ගුරුවරියකට විවාහ පොරොන්දු ලබා දී රුපියල් ලක්ෂ 10ක් වංචා කිරීමේ චෝදනාවකට ඔහුට විරුද්ධව මේ නඩුව පවරා ඇත්තේ 2010 වර්ෂයේ දී. නඩුව පවරා තිබෙන්නේ මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින්.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී උසාවියේ පෙනී නොසිටීම හේතුවෙන් රංජන් රාමනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කෙරුණා. සැප්තැම්බර් 6 වැනි දිනට නඩුව කල් තබා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles