අතුරුදහන් වුණු සබ්මැරීනයේ හිටියේ කවුද?

පසුගිය ඉරිදා උතුරු අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගිය ස්ථානය බලා කිමිදුණු සබ්මැරීන් යාත්‍රාවේ පුද්ගලයන් පස් දෙනෙකු ගමන් කර තිබෙනවා.

Stockton Rush

අතුරුදන් වූ සබ්මැරීනය නිෂ්පාදනය කළ සමාගමේ හිමිකරු වන රශ් යාත්‍රාව පදවාගෙන ගොස් තිබනවා. සමාගමේ තොරතුරු අනුව ඔහු අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ උපාධිධාරියෙක්. ගවේෂකයෙක්.

ඔහු OceanGate සමාගම ආරම්භ කරනු ලැබු‍වේ 2009 දී බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් කුඩා කල සිට ගගනගාමියෙකු වීමේ සිහිනයක් තමාට තිබූ බව සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා තිබුණා.

Hamish Harding

බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙක් සහ ගවේෂකයෙක්. ඔහු සාගර කිමිදීම් සම්බන්ධයෙන් ගිනස් වාර්තා කිහිපයකට හිමිකම් කියන බව පැවසෙනවා. OceanGate ගමන ගැන සෙනසුරාදා ෆේස්බුක් සටහනක් තබා තිබුණේ ‘සබ්මැරීනයෙන් ටයිටැනික් දක්වා පහළට යමින් යනුවෙන්.

Paul-Henri Nargeolet

ප්‍රංශ සමුද්‍ර විශේෂඥයෙක් වන පෝල් ටයිටැනික් නැව ගිළුණු ස්ථානය වෙත 35 වතාවක් ගොස් පැමිණි අයෙකු බව සඳහන්. කිමිදුම් පර්යේෂණ සමාගම් අධ්‍යක්ෂවරයෙක්.

Shahzada Dawood/ Suleman

බ්‍රිතාන්‍ය-පාකිස්ථාන ධනවත් ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ පුත්‍රයා අනෙක් දෙදෙනාය. දාවුඩ් 48 හැවිරිදි වන අතර ඔහුගේ පුත්‍රයාගේ වයස 19ක්. ඔහු රෙදිපිළි සහ පොහොර නිෂ්පාදනයට සම්බන්ධ පාකිස්ථානයේ ධනවත් ම පවුලක සාමාජිකයෙක් බව කියැවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles