ඉන්දීය අගමැති එ.ජා. මූලස්ථානය ඉදිරිපිට යෝගා වැඩසටහනක!

ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝඩි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පැවති යෝගා වැඩසටහනකට සහභාගී වී තිබෙනවා. මහත්මා ගාන්ධිගේ පිළිරුවකට ආචාර කිරීමෙන් අනතුරුවයි, එය ආරම්භ කර ඇත්තේ.

ජාත්‍යන්තර යෝගා දිනය ලෙස සැලකෙන ජුනි 21 එනම් ඊයේ දිනයේ මෙය සිදු කෙරුණා. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යෝගා අගය කරමින් අදහස් පළ කර සිටියා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් බරපතළ ලෙස මෝදි අග්‍රමාත්‍යවරයා විවේචනය කරමින් මාධ්‍ය වෙත අදහස් පළ කරනවා. ඔවුන් පවසන්නේ, අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංදර්ශන මෙසේ වුවත් ඔහුගේ පාලනය විසින් සුළු ජාතීන් ඉලක්ක කර, ප්‍රජාතන්ත්‍රවාදය ඛාදනය කර, මානව හිමිකම් උදුරා දැමූ හින්දු ජාතිකවාදයකට නැඹුරු වී සිටින බවයි. මෙවැනි සංදර්ශන හරහා ඔහු ඒවා යටපත් කර දමන බව විචාරකයන් චෝදනා කරනවා.

කෙසේ වෙතත්, 21 වැනිදා යෝගා දිනය මූලික කරගනිමින් ශ්‍රී ලංකාවේ ද වැඩසටහනක් පැවැත්වූ අතර ඒ අතරතුරදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසට වෙත කුඩයක් ඉසිලීම සමාජයේ මහත් කතාබහට ලක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles