කුවේට්හි දී මිය ගිය අනුලා ප්‍රීතිමාලි දන්නවද?ඇමතුමක් දෙන්න

ශ්‍රී ලාංකික කාන්තාවක් කුවේට්හි දී මියගොස් තිබෙනවා.

ඒසේ මිය ගොස් ඇත්තේ නො 438/1, නුගවත්ත පාර, කිරිවත්තුඩුව යන ලිපිනයේ පදිංචිව සිටි 66 හැවිරිදි කුලසිංහ ආරච්චිගේ අනුලා ප්‍රීතිමාලි පෙරේරා නැමැත්තියයි.

මේ බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුල කටයුතු අංශය වෙත දන්වා තිබෙනවා.

ඒසේම විදේශ කටයුතු අමාත්‍යාංශය ඇයගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ළඟම ඥාතියෙකු හෝ ඇයව දන්නා අයෙකු සිටී නම් හැකි ඉක්මනින් දැනුම්දෙන ලෙසද දැනුවත් කර තිබෙනවා.

ඉහත ඡායාරූපයේ සිටින කාන්තාව හඳුනන අයෙක් සිටී නම් 011238836/ 0117711163/ 0112323015, මෙම දුරකතන අංක වලට දැනුම් දෙන ලෙසද කොන්සියුල කටයුතු අංශය සදහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles