මීළඟ පොලිස්පතිවරයා කවුද?

සී.ඩී. වික්‍රමරත්න වර්තමාන පොලිස්පතිවරයාගේ සේවා කාලය තව දින හතරකින් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඔහුගේ සේවා කාලය පසුගිය මාර්තු 26 වැනි දිනට අවසන් වීමට නියමිතව තිබුණ ද රජයෙන් ඔහුට තවත් මාස තුනක කාලයකට සේවා දිගුවක් ලබා දුන්නා.

මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා. අජිත් රෝහණ, ප්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක, දේශබන්ධු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක යන පිරිසයි, ඒ.

විදෙස් සංචාරයකට ගොස් සිටින ජනපතිවරයා නැවත පැමිණි පසු මෙම පත් කිරීම සිදුවනු ඇති බවයි ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන පොලිස්පතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතු වනවා.

මෙලෙස පත් කෙරන්නේ පොලිස්පතිවරයා මෙරට 36 වන පොලිස්පතිවරයා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles