ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වෙනසක්

සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර ගුවන් ගමන් වාර ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගන්නා බව ඉන්දීය මහකොමසාරිස්වරයා පවසා තිබෙනවා. මෙරට ගමනාන්ත වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය අංශය මෙන් ම පෞද්ගලික සමාගම් ද කැමැත්තෙන් පසුවන බව ද මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ කියා සිටියේ ඊයේ අරලියගහ මන්දිරයේදී මෙරට අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී.

අලියාන්ස් එයාර් ගුවන් සමාගම මෙරට මෙහෙයුම් වැඩි කිරීමට සහ දකුණු ඉන්දීය ගමනාන්තවල සිට යාපනය දක්වා සිදු කෙරෙන වත්මන් ගුවන් ගමන් රත්මලාන දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය ව තිබෙන බව පැවසෙනවා.

මෙහිදී දෙරට අතර සහයෝගිතාව සඳහා යෝජිත සැලැස්ම පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා සිදු ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles