පන්සලට ගිය විදෙස් කාන්තාවකට අතවර කරලා

හබරාදූව, පීල්ලගොඩ චෛත්‍යාලංකාර විහාරය වෙත ගිය යුක්රේන ජාතික විදෙස් සංචාරක යුවතියකට අතවර කළැයි 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය මෙම විහාරය වෙත වන්දනා කටයුතු සඳහා පැමිණෙන කතක් බවත්, සැකකරු උණවටුන ප්‍රදේශයේ අයෙකු බවත් පොලිසය සඳහන් කළා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.

සංචාරක පැමිණීම් වැඩියෙන් සිදුවෙමින් යන කාලයක මෙවැනි සිදුවීම්වලින් ඒ කෙරෙහි අයහපත් බලපෑමක් සිදුවන බව සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් පවසනවා. මෙවැනි කටයුතු වැළැක්වීම කෙරෙහි ජාතික වැඩපිළිවෙලක් සහ වහාම ක්‍රියාත්මක වන කාර්යාංශයක අවශ්‍යතාව ඔවුන් අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles