මහජන උපයෝගිතා කොමිසමට නව සභාපතිවරයෙක්!

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබෙනවා.

මහාචාර්යවරයාගේ නම ජනාධිපතිවරයා විසින් කොමිසම වෙත එවා තිබු අතර, කොමිසම එය අනුමත කර තිබෙනවා.

මෙයට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එම යෝජනාව ඡන්ද 23ක් ලැබී සම්මත වුණා.

කෙසේ වෙතත්, ජනක රත්නායක සහ අමාත්‍ය කංචන විජේසේකර අතර ප්‍රසිද්ධ තලයේ විවාද ඇති වීම කතාබහට ලක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles