අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නවතී?

මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය මාර්ගයෙන් රෝගීන්ගේ සිදු කරන පරීක්ෂණ ලබන 26 වෙනිදා සිටනතර කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

ඒ පරීක්ෂණයට භාජනය වන රෝගියාට ලබා දෙන එන්නත් නොමැති වීම නිසා බවයි ඔහු සඳහන් කරන්නේ. නිසි වෙලාවට එම බෙහෙත් මිලදී ගෙන නැති අතර මෙම මිලදී ගැනීම් තාක්ෂණික කමිටුවලට විකිරණ තාක්ෂණවේදීන් කිසිවෙක් සහභාගි කර නොගන්නා බව ඔහු කියා සිටියා.

පෙට් ස්කෑන් පරීක්ෂණය පිළිකා රෝගීන්ට ඉතා වැදගත් පරීක්ෂණයක් බව සඳහන් වෙනවා. රෝග තත්වයේ වර්ධනය, පැතිරීම, ක්‍රියාකාරිත්වය මෙමගින් ඉතා සූක්ෂ්මව හඳුනාගැනෙනවා. මෙරට මහජන සෞඛ්‍ය පද්ධතියට ම මෙම යන්ත්‍ර ඇත්තේ දෙකක්. ඉන් එකක් ජාතික රෝහලට අයත්. කරුණු වාර්තා වන පරිදි පෞද්ගලික අංශයෙන් පෙට් ස්කෑන් පරීක්ෂණයක් සඳහා රුපියල් ලක්ෂ 3ක් පමණ අය කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles