ගෝඨාභය සමූහ මිනීවළවල් ගැන පරීක්ෂණ අවුල් කරලා: අල්-ජසීරා කියයි

ප්‍රකට ජාත්‍යන්තර පුවත් ඒජන්සියක් වන අල්-ජසීරා වෙබ් අඩවියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් වන පුවතක් පළව තිබෙනවා.

මූලාශ්‍ර උපුටා දක්වමින් ඔවුන් සඳහන් කර ඇත්තේ, මෙරට සමූහ ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවුල් කර දැමීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි.

උතුරේ පැවති සිවිල් යුද සමයේ ඔහු කටයුතු කරනු ලැබුවේ බලවත් ආරක්ෂක ලේකම්වරයා ලෙස යි. එසේ ම 88-89 භීෂණ සමයේ ගෝඨාභය රාජපක්ෂ හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් ඔහු මාතලේ ප්‍රදේශයේ රාජකාරී කළා. එම ප්‍රදේශයේ සමූහ මිනීවළක් යැ යි සැක කෙරෙන සාක්ෂි සොයා ගැණුනු අතර ක්‍රියාකාරී කණ්ඩායම්වල ප්‍රකාශ උපුටා දක්වමින් අල්-ජසීරා ප්‍රකාශ කරන්නේ මෙම සමූහ මිනීවළට අදාළ සාක්ෂි සහිත පොලිස් වාර්තා විනාශ කර දමන්නට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි. පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කළ වාර්තාවක් මෙහිදී පාදක කර ගෙන තිබෙනවා. සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ සහ අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව එහිදී පවසන්නේ සමූහ මිනීවළවල් 20ක් පමණ ගැන සාක්ෂි තිබුණද ඒවා ගැන කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles