ශීතකරණ මුවාවෙන් ලක්ෂ 6500ක මත්ද්‍රව්‍ය ගෙන්වලා!

පාකිස්තානයේ කරච්චි නුවර සිට මෙරටට ආ නැවක තිබූ අධිශීතකරණ කන්ටේනරයක් තුලින් හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිලෝ 16.193 ක්. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 65කට ආසන්න බව අනාවරණය වී තිබුණා.

මෙම අධිශීතකරණ තොගය ආනයනය කර තිබෙන සමාගම ආරම්භ කර ඇත්තේ මාස කිහිපයකට පෙරයි. මෙයට පෙර ඔවුන් ආනයන තුනක් කර ඇති බව අනාවරණය වී තිබෙනවා. මේවා නිදහස් කර ගැනීමට ගිය ආනයනකරු සහ වාප්පු ලිපිකරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ද සහය ඇතිවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles