කාන්තාවන්ට සුවපහසු ජීවිතයක් ලබා දෙනවා: ඇෆ්ගන් නායකයා කියයි

ඇෆ්ගනිස්තානයේ උත්තරීතර නායක ලෙස හඳුන්වන හයිබතුල්ලා අකුන්සාඩා පණිවිඩියක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ ජීවන තත්වය දියුණු කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි.

ඉස්ලාමීය නීතිය සම්මත කිරීම නිසාවෙන් සාම්ප්‍රදායික පීඩනයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමට හැකිව තිබෙන බවද ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් 2021 දී තලේබාන් බලධාරීන් නැවත බලයට පැමිණි දා පටන් කාන්තාවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවලට තහංචි පැනවූවා. එසේ ම උද්‍යාන, ව්‍යායාම් මධ්‍යස්ථාන සහ පොදු නාන තටාක තහනම් කර තිබෙනවා. කාන්තාවන් රැකියා කිරීම ද නවතා දමමින් තිබෙනවා.

හයිබතුල්ලාගේ මේ ප්‍රකාශය නිකුත් වූයේ ඇෆ්ගනිස්තාන් පාලනය විසින් සිදු කරන කාන්තාවන්ගේ සීමා කිරීම් පිළි ගැනීමට නොහැකි බව එක්සත් ජාතීන් විසින් නිවේදනය කර දින කිහිපයකට පසුව යි. මෙවැනි නියෝග ක්‍රියාත්මක වෙද්දී ඔවුන්ගේ රජය පිළිගැනීමට නොහැකි බවයි එක්සත් ජාතීන් පවසා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles