ආණ්ඩු පක්ෂයේ ලොක්කන්ට කොළඹින් පිටවීම/ විදෙස් ගමන් වාරණයක්?

මේ සතිය තුළ ආණ්ඩු පක්ෂයේ සියලු මැති-ඇමතිවරුන් කොළඹින් පිට නොයන ලෙස ආණ්ඩුවේ පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් දන්වා තිබෙනවා.

වට්ස්ඇප් පණිවිඩ මාර්ගයෙන් මෙසේ දන්වා ඇති බව ආරංචි මාර්ග පවසනවා.

හෙට (26) සිට සිකුරාදා (30) දක්වා කිසිදු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කොළඹින් පිට නොයන ලෙසයි එහි සඳහන්ව තිබෙන්නේ.

මේ අතර ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ විදෙස් සංචාර ද මේ සතියේ නතර කර ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය දන්වා සිටිනවා.

නමුත් කුමන කාරණයක් නිසා මෙම පණිවිඩය යොමු කළේද යන්න මැති ඇමතිවරුන්ට මෙතෙක් දැනුම් දී නැති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles