එළවළු-මාළු මිල අහස උසට

මෑත කාලයේ අන් කවරදාටත් වඩා එළවළු සහ මාළු මිල ගණන් මේ දිනවල ඉහළ ගොස් තිබෙනවා. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝව රුපියල් 600 අගයකට අලෙවි වුණා. කොළඹින් බැහැර ප්‍රදේශවල පවා මේ මිල ගණන් අතර ලොකු වෙනසක් නැති බව දැනගන්නට තිබෙනවා. අමු මිරිස් කිලෝව රුපියල් 1000-1200 අතර මිලක් ගෙන තිබුණා. සාමාන්‍යයෙන් කවදත් සාමාන්‍ය මිල මට්ටමක තිබෙන මුරුංගා කිලෝව රුපියල් 1000 ආසන්නයට ගොස් තිබුණා. දේශීය අල කිලෝවක් රුපියල් 450කට ආසන්නව තිබෙනවා.

මාළු මිල ගණන් ද සති කිහිපයක සිට සාමාන්‍ය පොදු ජනතාවට දරා ගැනීමට නොහැකි තත්වයේ පවතිනවා. සාමාන්‍ය වෙළඳපොලේ කෙළවල්ලා කිලෝව අලෙවි වන්නේ රුපියල් 2500 ආසන්න මුදලකට. පරා මාළු මිලත් ඒ මට්ටමේ පවතිනවා. තලපත් මාළු මිල 3500ට ආසන්නයේ තිබෙන්නේ. ලින්නා කිලෝ එකක මිල රුපියල් 1500ට ආසන්නව තිබෙනවා.

මේ තත්වය නිසාවෙන් සාමාන්‍ය පොදු ජනතාව මහත් පීඩාවකට පත්ව සිටිනවා. කාලයක පටන් කුකුළු මස් සහ බිත්තර මිලද පවතින්නේ දරාගත නොහැකි මට්ටමකයි. මේ තත්වය දිගින් දිගට පවතින්නේ නම් දරුවන්ගේ පෝෂණ මට්ටම මාස කිහිපයක් ඇතුළත ඉතා පහළ මට්ටමකට යෑම වැළැක්විය නොහැකි වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles