ජනපතිට ප්‍රහාරයකැයි ව්‍යාජ තොරතුරු පිටවීම ගැන සී.අයි.ඩී.යෙන් පරීක්ෂණ

ප්‍රංශයේ පැවති නව ගෝලීය මූල්‍ය සම්මුතියක් සඳහා වන සමුළුව අවසන සිය රට පැමිණෙන ජනාධිපතිවරයා ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් ආරක්ෂක විධිවිධාන තර කළ යුතු බවත් කියැවෙන ආරක්ෂක තොරතුරක් පසුගිය දා සමාජ ජාල අවකාශ කළඹනු ලැබුවා.

එකී නිවේදනයට අදාළ නියෝග ජනපතිවරයා විදෙස් සංචාරයක් නිමවා පැමිණි පසු සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන ආරක්ෂක විධිවිධාන බවත් ජනපති ඝාතන තැතක් පිළිබඳ පැතිර ගිය කතා සම්පූර්ණ අසත්‍යයක් බවත් ආරක්ෂක අමාත්‍යංශ නිවේදනයකින් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අභ්‍යන්තර ආරක්ෂක තොරතුරු මෙලෙස පිටවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles