මගීන් 100ක් රැගත් නෞකාවක් චෙන්නයි සිට කන්කසන්තුරේට

සංචාරකයන් පිරිසක් සමග පැමිණි මෙම නෞකාව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් විසින් පිළිගත්තේ උණුසුම් අන්දමින්.

තමිල්නාඩුව හා යාපනය අතර නැව් සේවාවක් ආරම්භ කිරීමේ පෙරහුරුවක් ලෙස පැමිණි මෙම නෞකාව පසුදා උදෑසන යලි චෙන්නයි බලා පිටත්ව ගියා.

මෙහිදී රුපියල් කෝටි 25ක වියදමින් ඉදිකරන ලද නැව් තටාකාංගනයද අමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් රාකේෂ් නට්‍ රාජ්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජෙයභාස්කර්, උතුරු ප්‍රදේශය භාර නාවික හමුදා ආඥාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles