අභියාචනාධිකරණය දේශබන්ධුට එරෙහි සිතාසිය අවලංගු කරයි

අද දින අභියාචනාධිකරණය විසින් මගින් දේශබන්ධු තෙන්නකෝන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබුණ සිතාසියක් ද, නීතිපති විසින් නිකුත් කළ ලිපියක් ද බල රහිත කෙරුණා. ඒ රිට් ආඥාවක් මගින්.

පසුගිය අරගල සමයේ ජනාධිපති මන්දිරයෙන් සොයාගත් මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දේශබන්ධු තෙන්නකෝන් වෙත සිතාසියක් නිකුත් කර තිබුණා.

ගෝටා ගෝ ගමට පහර දීමට අදාළ සිද්ධියට සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපති නිකුත් කළ ලිපිය බලරහිත කරන ලද ලිපිය යි.

සේවා කාලය ඉකුත් වන ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ජනාධිපතිවරයා විසින් ලබා දුන් මාස 3ක සේවා දිගුව අවසන් වී තිබෙනවා. පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අතර දේශබන්ධු තෙන්නකෝන්, අජිත් රෝහණ යන දෙදෙනා ජනතාව අතර යම් ප්‍රසිද්ධියක් ලබා තිබෙන නිලධාරීන්. එහෙත් ප්‍රමුඛතා අනුපිළිවෙල මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ ලලිත් පතිනායක ලැයිස්තුවේ ඉහළින් සිටින බව සඳහන්.

කෙසේ වෙතත්, විශ්වාසවන්ත දේශපාලන ආරංචි මාර්ග වෙතින් දැනගන්නට ඇත්තේ, වර්තමාන පොලිස්පතිවරයාට ම තවත් මාස තුනක සේවා දිගුවක් ලබා දීමට ඉඩකඩ ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles