වෙඩි තැබීම් තවදුරටත් – කැළණියේ 5කට වෙඩි!

බස්නාහිර සහ දකුණ කේන්ද්‍රව සිදු වෙමින් පවතින වෙඩි තැබීම් නොනැවතී ඉදිරියට සිදුවෙන බව පෙන්වමින් ඊයේත් කැළණිය ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් කරන ලද වෙඩි තැබීමකින් පස් දෙනෙකු තුවාළ ලබා රෝහල්ගත කර තිබෙනවා. වෙඩි තැබීම සිදු කර ඇත්තේ ටී 56 ගිනි අවියකින්.

මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිපලයක් බව පොලිසිය සැක පළ කරනවා. පරීක්ෂණ වැඩිදුරටත් ක්‍රියාත්මක වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles