පුංචි ඡන්දේ නාමයෝජනා අහෝසි කරන්නැයි යෝජනාවක්!

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා අහෝසි කරන්න යැයි ආණ්ඩු පක්ෂය යොජනා කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා Lankaline වෙත කියා සිටියා.

ඒ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේදී පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අහෝසි කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වීමත් සමඟ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම යෝජනාව පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීම රජය විසින් ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමට තීරණය කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එසේම මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ජානක වක්කුඹුර අමාත්‍යවරයා කියා සිටියා. එපමණක් නොව අදාළ යෝජනාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට අදහස් කරන බවයි කියවෙන්නේ.

මැතිවරණය කල්යාම තුළින් නාමයෝජනා බාරදී ඇති රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වී තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ නාමයෝජනා අහෝසි කිරීමට බොහෝ දෙනෙකුගේ ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන නිසා මේ පිළිබඳව තීන්දුවක් ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් දක්වනවා.

ඒ සඳහා විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බවත් ඒ පිළිබඳ ආණ්ඩුව නීති උපදෙස් ලබා ගැනීමට ද බලාපොරොත්තු වන බවයි lankaline වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles