පොලිස්පතිට තවත් මාස තුනක සේවා දිගුවක් ලැබෙයි ද?

වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට අදින් (26) අවසන් වු සේවාවට තවත් මාස තුනක සේවා දිගුවක් ලබා දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

පොලිස්පතිවරයාට පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යාමට නියමිතව තිබුණ ද ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

එම කාලය අදින් අවසන් වන අතර ඉන් අනතුරුව නව පොලිස්පතිවරයෙකු පත් කළ යුතුව තිබුණ ද ඔහුට ම තවත් මාස තුනක සේවා දිගුවක් ලබා දීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

විදේශ සංචාරය අවසන් කරන අද (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරටට පැමිණ මෙම සේවා දිගුව ලබා දෙනු ඇතැයි එම දේශපාලන ආරංචි මාර්ග lankaline වෙත පැවසුවා.

කෙසේ වුවද මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක් සුදුසුකම් ලබා තිබෙන බව අප කලින් තොරතුරු සමඟ සඳහන් කළා. ඒ අතර පෙර නොවූ විරූ අන්දමේ වෙඩි තැබීම් ගණනාවක් දකුණ-බස්නාහිර ප්‍රදේශවලින් සිදුවීම ගැනත් බොහෝ දෙනා විවිධ මත පළ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles