ආණ්ඩුව වෙස් බඳින්නේ මොකටදැයි ඩලස් කියයි

ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍යද නැද්ද කියා විමසන ජනමත විචාරණයක් පැවැත්වීමට බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසනවා. නිදහස ජනතා සභාව නම් පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

“මම ඉස්සෙල්ලාම කියනවා වජිර අබේවර්ධනටත්, එක්සත් ජාතික පක්ෂයටත් 82 ජනමත විචාරණය සම්බන්ධයෙන් එවකට හිටපු මැතිවරණ කොමසාරිස් වාර්තාවක් ලිව්වා. ඒ වාර්තාව අධ්‍යනය කරන්න. මම ඇස්දෙකෙන් දැකලා තියෙනවා තරුණයෙක් විදියට, අපෙ ගමේ ඡන්ද මධ්‍යස්ථානයක අපේ ඉදිරිපිට ගෙදර ඉදලා අපි බලාගෙන හිටියා ඇතුළට පැනලා මැරයෝ ක්‍රියාත්මක වෙනවා.”

යනුවෙන් එහිදී ඔහු සිය අතීත අත්දැකීම් ද පැවසුවා. මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ, මැතිවරණයක් පැවැත්වීම තීරණය කිරීමට ජනමත විචාරණයක් කිසිසේත් ම නීතිගරුක නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles