සෞඛ්‍ය අමාත්‍යාංශය : වාහන 1794 ක් අතුරුදහන්!

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 1794ක් අස්ථානගත වී තිබෙන බව සහ අමාත්‍යාංශයේ වාහන 259ක් බාහිර පාර්ශ්වයන්ට පවරාදී ඇතැයිද ආනාවරණය වෙනවා.

මෙම වාහන කාණ්ඩය තුළ මෝටර් රථ 679 ක් සහ යතුරුපැදි 1115 ක් ඇති බවත් එම මෝටර් රථ බොහොමයක් අමාත්‍යාංශය සන්තකයේ මේ වන විට නැති බවත් වැඩි දුරටත් වාර්තා වෙනවා.

එම වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවත් සඳහන්.

මෙම යතුරුපැදි 1115 සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ 11ක් සම්බන්ධයෙන් පමණයි.

කෙසේ වුවද ක්ෂේත්‍ර නිලධාරීන්ට මේ යතුරු පැදි ලබා දී තිබෙන්නේ ගිවිසුම්ගතව බවත් විශ්‍රාම යෑමෙන් පසු පෞද්ගලිකව ගෙන යෑමට ඒ අනුව අවසර හිමි වෙන බව කියැවෙනවා.

අස්ථානගත වී ඇතැයි කියන වාහන 1950 සිට 1996 දක්වා ලියාපදිංචිවූ වාහන බව ද දැනගන්නට ලැබෙනවා.

මේ සියල්ල අනාවරණය වූයේ කෝපා කම්ටුවේදී.

එම කාරක සභා රැස්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සභාගී වී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles