පාසල් දෙදහසක් වහන්නට යයි!

රටපුරා රජයේ පාසල් 2000ක් වසා දමන්නට ආණ්ඩුව සැලසුම් සකස් කර තිබෙන බව ලංකා ගුරු සංගමය පවසනවා. එම පාසල් සිසුන් 100කට වඩා අඩුවෙන් සිටින පාසල් බවයි සඳහන් වන්නේ. ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පාසල් ප්‍රතිව්‍යුහගත කිරීම නමින් මේ ක්‍රියාවලිය සිදු කෙරෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසා සිටිනවා.

ගෙවුණු වසර 3ක පමණ කාලයක දී මෙවැනි පාසල් 300ක් පමණ වසා දමා ඇති බවට ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles