රිෂාඩ් බදියුදීන් යළි උසාවියේ

විල්පත්තු වනාන්තර ආසන්නයේ එළිපෙහෙළි කිරීමේ සිද්ධියකට අදාළව රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අද (28) අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

ඒ් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා.

එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට කල් ලබා දී තිබෙනවා.

එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනුකරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියම කළා.

ඉන් පසුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles