ගයා රම්‍ය අල්විස් දිවියට සමුදෙයි!

ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, ජ්‍යෙෂ්ඨ රූපවාහිනී නිෂ්පාදකවරයෙක් සහ ප්‍රවීණ ගීත රචකයෙක් වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෙටි කලක් රෝගාතුර වී සිට ඇති ඔහු හදිසියේ රෝගී තත්වය උත්සන්න වීම නිසා ඊයෙ රාත්‍රියේ රෝහල් ගත කිරීමෙන් පසු අද දහවල් අභාවයට පත් ව තිබෙනවා. වර්ණ, රන්සිරිමල්, කොළඹ අහස වැනි ජන ප්‍රසාදයට පත් ටෙලි නාට්‍ය ඔහුගේ නිර්මාණ වුණා. ඔහු අතින් ලියැවුණු ගී පද රචනා ද විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

ගයා රම්‍ය අල්විස් නැසී ගිය ප්‍රකට ගී පද රචක ඩෝලටන් අල්විස් මහතාගේ පුතකු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles