නීතිපති/මහබැංකු අධිපතිගේ විරෝධතා ඉවතට: ජාජබ පෙත්සම විභාගයට

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩ වූ බවට ජාතික ජන බලවේයෙන් ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

ඒ එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා නොදී මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙසට නීතිපතිවරයා හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතා ද ප්‍රතික්ෂේප කරමින්.

බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු හා ගාමිණී අමරසේකර යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය මාර්තු 09 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මෙම මුලික අයිතිවාසිකම් කඩ වී තිබෙන බවයි ජාතික ජන බලවේගය පෙත්සම මගින් දක්වා තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles