මාවුස්සාකැලේ ජලාශය ළඟට සුඛෝපභෝගී හෝටලයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් කැපිටල් ඉන්වෙස්ට්මන්ට් නම් සමාගමට මාවුස්සාකැලේ ජලාශයට ආසන්න ඉඩම් කොටසක් සහ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කුඩා දූපතක් දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යි.

මෙය ඇමරිකන් ඩොලර් මිලියන 25ක ඍජු මුදල් ආයෝජනයක් බව දැක්වෙනවා.

අදාළ යෝජනාව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. සම්බන්ධිත ආයතනවල අනුමැතිය සහිතව එය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ඇති බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles