තවත් යතුරු පැදි වෙඩි තැබීමක්

යතුරු පැදියකින් පැමිණ මෝටර් රථයක ගමන් කරමින් සිටි පිරිකට වෙඩි තබා පළා ගිය සිදුවීමක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාළ ලැබූ මෝටර් රථයේ රියදුරා කිලිනොච්චිය රෝහලට ඇතුළු කර තිබෙනවා.

තුවාළකරු සහ තවත් අයෙක් කනකපුරම් ප්‍රදේශයට ගොස් එහිදී ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදු වන්නට ඇති බව කිලිනොච්චි පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

බස්නාහිර සහ දකුණ පළාත් කේන්ද්‍ර කරගෙන යතුරුපැදිවලින් පැමිණ කළ වෙඩි තැබීම් ගණනාවක් පසුගිය කාලයේ වාර්තා වුණා. මෙය මර්ධනය කිරීමේ පියවරක් ලෙස අනවසර ගිනි අවි පිළිබඳව වන ඔත්තු සඳහා පොලිස් තෑගි මුදල් වැඩි කිරීමට ද පොලිස්පතිවරයා තීරණය කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles