පොලිස්පතිවරයෙක් නැති රටක්!

පොලිස්පතිවරයකු නොමැති වීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු අවුල් සහගත වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරනවා.

ඒ පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා ඉකුත් 26 වැනි දා සිට සිය ධූරකාලය අවසන් වී විශ්‍රාම යාම හේතුව නිසා. ඔහු ඉකුත් 26 වැනි දා සිට සිය කාර්යාලයට නොපැමිණි බවයි වාර්තා වෙන්නේ. පොලිස්පති නිල කාර්යාල කාමරයේ ගෘහභාණ්ඩ හැර හිටපු පොලිස්පතිවරයාගේ සියලු බඩුබාහිරාදිය ඉවත් කරගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Lankaline අප විශ්වාසවන්ත ආරංචිමාර්ග මින් පෙර කියා සිටියේ ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු සී.ඩී.වික්‍රමරත්න හිටපු පොලිස්පතිවරයාටම සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි. ජනාධිපතිවරයා දිවයිනට පැමිණ වෙනත් පත්කිරීම් කරමින් සිටියද පොලිස්පති පත්කිරීම මේ දක්වා සිදු කර නෑ.

මේ තත්වය නිසාවෙන් කිසිදු ලේඛනයකට අනුමැතිය ලබා ගැනීමට සහ රාජකාරි වෙනුවෙන් උපදෙස් ලබා ගැනීමට ද පොලිස්පතිවරයෙක් නොමැති බැවින් පරිපාලන කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles