මහ පාතාලයෙක් සමඟ හමුදා කපිතාන්වරයෙක් අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ බව කියන පාතාල සාමාජිකයෙක් සමඟ යුද හමුදා කපිතාන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමගිනුයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමරුම් සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය ග්‍රෙගරි වැව අසල හෝටලයක සැඟව සිටිය දී යි.

මේ කියන පාතාලයා ඩුබායි සිට අපරාධ මෙහෙයවන හෝමාගම හඳයා නැමැති පාතාල ප්‍රබලයාගේ ප්‍රධාන ගෝලයකු බවයි කියැවෙන්නේ. මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තු දෙකක් ඇති මොහු දිවයිනේ ස්ථාන 42ක මුදල් වංචා සිද්ධි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කරන කපිතාන්වරයා මොවුන්ට ඔත්තු සපයන්නෙකු බව සී.අයි.ඩීය සැක පළ කරනවා. වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles