සැප්තැම්බර් වෙද්දී බංකොලොත්කම අවසන්:ජනපති

සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවයෙන් මිදීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා. මේ සඳහා සාමූහිකව කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (29දා) සිනමන් ග්‍රෑන්ඩ් හි පැවැති  Sri Lanka Institute of Directors (SLID) මහා සභා රැස්වීම අමතමින්.

ලෝක බැංකු වැඩපිළිවෙල සමඟ ඉදිරියට යාම නිශ්චිත බවත්, විවිධ අංශ සමග සහයෝගතාවයෙන් ආණ්ඩුව ක්‍රියා කරන බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය වැනි කාරණා සම්බන්ධයෙන් ජනතාවට සත්‍යය පැවසිය යුතු බවත් තරඟකාරී ආර්ථිකයක් බවට පත් කිරීම අත්‍යාවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles