දොස්තරලා රට යෑම වළකන්න නීති?

වෛද්‍යවරුන් රට යාම වැළැක්වීමට කඩනමින් නිතී පද්ධතියක් සකස් කිරීමට යොමු වන බව සොඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා.

එසේ රට යාම වැළැක්වීම සඳහා වීසා අවලංගු කිරීම වැනි ක්‍රියාමාර්ගවලට යා හැකි අතර ආචාරධර්ම කඩ කිරීම යටතේ අවශ්‍ය නම් වෛද්‍ය සභාවට වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය පවා අහෝසි කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ නිර්වින්දන වෛද්‍යවරුන් 167 දෙනකු මෙරට සේවය අතහැර එංගලන්තයේ සේවයට ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශට ආනාවරණය වීම මෙම ක්‍රියාමාර්ගවලට යොමු වීමට ආසන්නම හේතුවයි.

මේ අතර පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා විදේශීය පුහුණුව නිමවා මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 323 දෙනකුගෙන් 160 දෙනකු විදේශ රටවල සේවයට ගොස් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ( තෘතීක සත්කාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පවසනවා.

මෙම වෛද්‍යවරුන්ගෙන් පිරිසක් අසාදු ලේඛනයට ඇතුළත් කර තිබෙනවා.

වෛද්‍යවරුන් විදේශගත වීම වැලැක්වීමට නිසියාකාර නීති පද්ධතියක් මෙරට ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles