පොහොට්ටුව ඇතුළෙන් අලුත් පක්ෂයක්?

ආණ්ඩුවට සම්බන්ධ වී කටයුතු කරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු එක්ව නව දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

දැනට ආණ්ඩුවේ කටයුතු කරන කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු සමගින් සිය තරුණ මන්ත්‍රීවරු ගණනාවක් මේ කටයුත්තට එක්ව සිටින බවයි එකී ආරංචි මාර්ග පවසන්නේ.

ආණ්ඩුවට එක්වී ඉතා දක්ෂ ලෙස වැඩ කටයුතු කරමින් සිටින තරුණ කැබිනට් ඇමැතිවරයෙක් මෙහි මූලිකත්වය ගෙන සිටින බව ද වාර්තා වෙනවා. පසුගිය කාලය පුරා මේ පිරිස උක්ත දේශපාලන බලවේගය ගොඩනැගීමේ මූලික සාකච්ඡාවල යෙදෙමින් සිටින බව දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles