මාගල්කන්දේ ගැන ප්‍රධාන මාධ්‍ය නිහඬයි

මාගල්කන්දේ සුදන්ත නම් භික්ෂුව විදෙස් රටකදී තරුණයෙක් ලිංගික කටයුතුවලට යොදාගත් බව කියමින් ඊට එරෙහි එහි පිරිසක් දැඩි ලෙස දෝෂාරපණය කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹමින් තිබෙනවා. එයට අමතරව ඔහු විසින් ලිංගික ක්‍රියාවක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සංසරණය වනවා.

ඒ නිසාවෙන් මෙරට සමහර දේශපාලන භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන්, ළමා මහණකිරීම් ආදී කටයුතු සම්බන්ධයෙන් විශාල කතිකාවක් ඇති වී තිබෙනවා.

එහෙත් සාමාන්‍ය සිවිල් පුරවැසියන්ගේ කුදු මහත් කටයුතුවලදී කඩා පනිමින් වාර්තා කරන කිසිදු සියලු ප්‍රධාන විද්‍යුත් මාධ්‍යයන් හා ආගමික නායකයන් මේ සිදුවීම සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටීම විශේෂත්වයක්.

මාගල්කන්දේ සුදන්ත භික්ෂුව පසුගිය සමයේ රටේ සියලු කටයුතුවලට මැදිහත් වී ප්‍රකාශ නිකුත් කරමින් මැදිහත් වෙමින් හැසිරුණ භික්ෂුවක්. හෝමාගම අධිකරණ භූමියේ අනිසි ලෙස හැසිරී වරක් රිමාන්ඩ් භාරයටද පත් වූයේ මොහුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles