වෛද්‍ය සැපයීම් තොරතුරු එක ක්ලික් එකෙන් Delete!

වෛද්‍ය සැපයීම් අංශයට 2021දී මිලියන ගණනක් වියදම් කර ලබාගත් තොරතුරු පද්ධතිය ඩිලීට් බට්න් එක ඔබා එකවරම එය නැති කර දමා ඇති බව සොඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

එය නැවත සකස් කිරීම සදහා රුපියල් මිලියන 100ක් වියදම් වන බව සඳහන් කරන අමාත්‍යවරයා සංවිධානාත්මක පිරිසක් සැප්තැම්බරයේදී වර්ජන මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කිරීමේ සැලැස්මක නිරතව සිටින බවත් අනාවරණය කළා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ “ස්ථාවර රටකට සැවොම එකමඟකට” මැයෙන් (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

කෙසේ වුවද පද්ධතිය නැති වීම සම්බන්ධව සැකයක් පවතින බවත් එම නිසා එම පරික්ෂණ කටයුතු සී.අයි.ඩී එකට භාර දී තිබෙන බවද ඔහු පැවසුවා.

වෛද්‍ය සැපයුම් මේ වසර අවසන් කිරීමට පෙර සම්පූර්ණ කරන බවද කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරත සංවිධානාත්මක කණ්ඩායම් කවුරුන් ද යන්න ඉතා ඉක්මනින් හෙළි කර ගන්නා බවද සොඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles