පොලිස්පති පත් කළ යුත්තේ ජනාධිපති මිස ආගමික නායකයන් නොවෙයි-අස්ගිරි පාර්ශ්වය

පොලිස්පති ධූරයට සුදුස්සෙකු තෝරා ගැනීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු බවත් ආගමික නායකයින් එම ක්‍රියාවලියට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපානාවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර තිබෙනවා.

එවැනි පත්කිරීම්වලට ඍජුව හෝ වක්‍රව ආගමික නායකයන් බලපෑම් කිරීම නුසුදුසු බව ඒ හිමියන් කියා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය දිනවල නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කතානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ට පිටු තුනක අතිශය රහස්‍ය ලිපියක් යොමුකර තිබීම බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles