ඇෆ්ගනිස්ථානයේ බියුටි සැලොන් තහනම්!

ඇෆ්ගන් පාලක තලේබාන්වරුන් විසින් කාන්තා රූපලාවන්‍ය මධ්‍යස්ථාන තහනම් කරමින් සිටින බව එම රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා. එම නියෝගය අඟහරුවාදා තහවුරු කරනු ලැබුවා.

2021 වසරේ දී ඇමරිකානු සහ එක්සත් ජාතීන්ගේ හමුදා ඉවත් වීමෙන් පසුව බලය අල්ලා ගත් තලේබාන්වරුන් කාන්තාවන්ට පොදු අවකාශ සීමා කරමින්, අධ්‍යාපනය තහනම් කරමින් සිටිනවා. රූපලාවන්‍යාගාර තහනම අගනුවර සහ සියලුම පළාත් ඉලක්ක කර ක්‍රියාත්මක කරනවා. රට පුරා ඇති ව්‍යාපාරවලට කටයුතු අවසන් කිරීමට මාසයක කාලයක් ලබා දී තිබෙනවා. මෙම තහනමට හේතු කිසිවක් මේ වන තෙක් වාර්තා වී නැහැ.

1990 බලයේ සිටි කාලයේ තරම් දරදඬු පාලනයක් ගෙන නොයන බවට පොරොන්දු ලබා දී තිබුණද තලේබාන්වරු එම පොරොන්දු රකින බවක් පෙන්නුම් කෙරෙන්නේ නැහැ. දහස් ගණනක් කාන්තාවන් රැකියාවලින් ඉවත් කර දමා ඇති අතර සමහර දෙනෙක්ට නිවසේ රැඳී සිටීම වෙනුවෙන් වැටුප් ගෙවන බව පැවසෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles