කතරගම පාරේ අලි කලබලයක්

බුත්තල කතරගම මාර්ගයේදී සිදුවීමට ගිය අනතුරක් නූලෙන් වැලකී ගිය සිදුවීමක් වාර්තා වුණා.
බුත්තල-කතරගම මාර්ගයට හදිසියේ වල් අලියෙකු කඩා වැදීම නිසා එහි ගමන් ගනමින් තිබූ ත්‍රීරෝද රථයක් කාණුවට පෙරළී ගියා. මේ සිද්ධිය වෙන අවස්ථාවේ අදාළ ත්‍රිරෝද රථයේ කුඩා දරුවන් 5 දෙනෙක් සහ වැඩිහිටියන් තිදෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා

ආගමික වතාවත් සඳහා පස්සර සිට කතරගම දක්වා ගිය පිරිසක් මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා. ඔවුන් සුළු තුවාල පමණක් ලබා ගැලවීම විස්මයක් බව මෙය දුටු පිරිස් අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles