මෙහෙම ඇමැති කෙනෙක් පොල් පිත්තෙන් කපාගන්න පුළුවන්!

වැඩ බැරි ටාසන්ලා ලඟ තබාගෙන උපදෙස් ගෙන වැරදි තීන්දු ගන්නා මෙවන් ඇමැතියෙක් පොල් පිත්තකින් කපා ගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

ලංකාවේ දූෂිතම ආයතනය පොලිසිය නොව, සෞඛ්‍ය අමාත්‍යංශය බවට දැන් පත්ව තිබෙන බවත්, කාමරයකින් කාමරයකට ලිපි ගොනුවක් ගෙනයාමටත් රුපියල් 5000ක් අල්ලස් ගන්නා බවත් ඔහු දැඩිව චෝදනා කර සිටිනවා. වෛද්‍යවරුන්ගෙ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා වැඩි කළද ඇමතිවරයා ගෙන්වන බාල ඖෂධ වෙනුවෙන් පෙනී නොසිටින බව ද ඔහු වැඩි දුරටත් පවසනවා.

ඖෂධ හිඟය ඇති වී තිබෙන්නේ මුදල් නැති නිසා නොව නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා බවත් බෙල්ලන පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles