අතීත නායකයන් බලය ගන්න ජාතිවාදය යොදාගත්තා:AKD

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානයක ඉකුත් ඉරිදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී ජනතාව ඇමතුවා. ඔහු එහිදී කියා සිටියේ පෙර බලයට පත් වූ නායකයන් ජාතිවාදය ප්‍රචාරය කරමින් බලය ලබා ගත් බවයි.

ලංකාව මෑත ඉතිහාසයේ දැවැන්තම අර්බුදයට මුහුණ දෙමින් සිටින බවත්, ජාතිවාදය වෙනත් මුහුණුවරකින් හිස ඔසවන බවත් එහිදී ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත්, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී වශයෙන් ගැටුම් සහිතව රටට ඉදිරියට යා නොහැකි බව වැඩිදුරටත් පැවසූ ඔහු, එකී අභියෝගය භාර ගැනීමට ජාතික ජනබලවේගය සූදානම් බවද කියා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles