ජනපති කතරගම සංචාරයේ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊයේ (03) ඓතිහාසික කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. සංචාරය අතරතුර කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් හමුවී සුවදුක් විමසා කෙටි පිළිසඳරකද නිරත වී තිබෙනවා.

අනතුරුව කිරිවෙහෙර සෑය අභියස පැවති ආගමික වතාවත්වලටද එක් වුණා. කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහරේ අවසන් දින උත්සවයට සහභාගී වූ ජනාධිපතිවරයා පෙරහර ආරම්භය සංකේතවත් කරමින් චාරිත්‍රානුකූලව කණ්ඩුල ඇතා පිට කරඬුව තැන්පත් කිරීමද සිදු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles