කුඩු සලිඳුගේ ගෝලයෙක් අල්ලයි

රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිඳුගේ සමීපතමයෙකු පානදුරේ දී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

පානදුර හිරණ ප්‍රසිද්ධ පන්සලක් අසලදී ඔහු අත්අඩංගුවට පත් අවස්ථාවේ අපරාධ රැසකට භාවිත කළේ යැයි සැක සහිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ මැගසිනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අධිකරණ නියෝග යටතේ රඳවා සිටින සලිඳුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles