මුතුරාජා: ජාත්‍යන්තර මාධ්‍යයෙන් ශ්‍රී ලංකාවට විවේචන

තායිලන්තය විසින් මෙරටට තෑගි කර තිබූ මුතුරාජා හස්තියා නැවත ගෙන යෑම සම්බන්ධයෙන් වන සිදුවීම ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් ව තිබෙනවා. සමහර ප්‍රධාන ප්‍රවෘත්ති ඒජන්සි සිරස්තල යොදා තිබුණේ, මුතුරාජා මෙරට දී අපයෝජනයට ලක් ව ඇති බවයි. එසේ ම රාජ්‍යතාන්ත්‍රික කතාබහක් පවා ඇති වී තිබෙන බව ඔවුන් වාර්තා කර තිබුණා. mistreatment, abused වැනි වචන යොදා ගනිමින් ඔවුන් මෙකී සිදුවීම විස්තර කර තිබෙනවා.

බෞද්ධ විහාරස්ථානයක රඳවා සිටිය දී වධ හිංසාවලට ලක්ව තිබෙන බව පැවසීම තවදුරටත් ප්‍රශ්න කරනු ලැබ තිබෙනවා. ඔවුන් පවසන්නේ බෞද්ධාගම යනු අවිහිංසාව මූලික කරගත් දහමක් බැවින් මේ සිදුවීම ගැටලුසහගත බවයි.

ඒ අතර තමන් අලි ඇතුන් පිටරට යැවීම නවතා දැමූ බව තායි පරිසර අමාත්‍යවරයා පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles