නටාෂාට අද ලැබුණ තීන්දුව!

බුදු දහමට අපහාස කළ බවට චෝදනා කරමින් අයිසීසීපීආර් පණත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රහසන ශිල්පිනියක් වන නතාෂා එදිරිසූරියට ඇප ලබා දී තිබෙනවා.

ඇය වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් ඇයට ඇප ලබා දී තිබෙනවා.

එම ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම් දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් ගමන් තහනමක් ද පනවා නැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles