කොළඹ දී ඉන්දීය ජාතිකයෙකු ඝාතනය කෙරේ

ඊයේ රාත්‍රියේ කොළඹ සාප්පු සංකීර්ණයකදී ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ආරංචි මාර්ග අනුව මෙම පුද්ගලයින් සාප්පු සංකීර්ණයේ අවන්හලක සේවයේ නියුතුව සිටි අයයි.

පිහි ඇනුමකින් තුවාල ලැබූ 28 හැවිරිදි තරුණයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

ඝාතනයට සැකපිට 29 හැවිරිදි අනෙක් ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles