DSI ලොක්කා 19 දක්වා රිමාන්ඩ්

සිය නිවසේ ගේට්ටුවට කිසියම් පිරිසක් වෙඩි තැබුවේ යැ යි බොරැල්ල පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළ බවට වන විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙරට ප්‍රසිද්ධ සමාගමක් වන ඩී.එස්.අයි. සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන සජිත් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙක් ජුලි 19 දක්වා තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කර තිබෙනවා.

නාඳුනන පුද්ගලයකු තම නිවසේ ගේට්ටුවට ගිනි අවියකින් වෙඩි තැබූ බවත් එකී වෙඩි තැබීම සිය ව්‍යාපාරය සඳහා මුදල් ආයෝජනය කළ කිහිප දෙනකුගේ මෙහෙයවීම මත සිදුකළ බවට සැක කරන බවටත් මෙම සජිත් රාජපක්ෂ පසුගිය 22 වැනිදා බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එකී පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව පෙනී ගිය බවත් එකී වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ 60 ක ප්‍රමාණයක් සමග පැමිණිලිකාර ව්‍යාපාරිකයා සහ එකී වෙඩි තැබීමට ආධාර අනුබල දුන් තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles